Sunday, March 5, 2017

පළමුවන කාන්තා පාසල් මහා ක්‍රිකට් තරඟය

පසුගිය සතියේ කොළඹ විශාකා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට නියමිත බව සමාජ ජාල, පුවත්පත් හරහා ප්‍රචාරය විය. එය මෙරට කාන්තා පාසල් දෙකක් අතර පැවැත්වෙන ප්‍රථම තරඟය නොවේ. එවැන්නක් පැවැත්වූ බවට වෙනත් පාසල් ද සමාජ ජාල හරහා හුවා දැක්විය. නමුත් ප්‍රථම කාන්තා මහා ක්‍රිකට් ගැටුමක් වාර්තා වුයේ කුමන අවුරුද්දේ ද යන්න බොහෝ පිරිසක් නිවැරදිවම නොදනී යි. එම නිසාම ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර වැරදි මතයක් මේ වනවිටත් ගොඩ නැගී ඇත. එවැනි තරඟයක් පැවැත්වූ මුල්ම අවස්තාව වාර්තා වන්නේ 1999 වසරේ දී කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය සහ කෑගලු බාලිකා විද්‍යාලය අතර යි.

Battle of Ladies - Credits: Mrs. Nusra Afzal

කාන්තා ක්‍රිකට් හි ඉතිහාසය පිරික්සීමේ දී මෙරට දී කාන්තාවන් අතර තරඟයක් මුල්ම වරට වාර්තා වන්නේ 1885 වසරේ ඓතිහාසික රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. 1934  වසරේ දී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මෙරට තරඟයක නිරත වීමෙන් අනතුරුව විදේශීය කාන්තා කණ්ඩායමක් මෙරට දී තරඟ වැදු ප්‍රථම අවස්තාව ලෙස එය සනිටුහන් විය. කෙසේ වෙතත් මෙහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවන් බහුල නොවූ බැවින් ක්‍රීඩිකාවන් බොහොමයක් බ්‍රිතාන්‍ය ජාතිකයින් විය. 

1948 දී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර ඔවුන් දෙවන වරටත් මෙරට දී දින කිහිපයක් සඳහා පැමිණිය හ.
එම අවස්ථාවේ දී ද ඔවුන් මෙරට කාන්තා ක්‍රීඩිකාවන් සමඟ ක්‍රීඩා කල හ. එම ක්‍රීඩිකාවන් අතර පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් ද ඇතුලත් වීම සුවිශේෂී අවස්තාවක් විය. ඒ අතරින් එකල ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නායක A. අදිහෙට්ටි ගේ සොහොයුරිය වූ M. අදිහෙට්ටි, හලාවතින් මෙරට කණ්ඩායම නියෝජනය කල B. නුර්දීන් සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ L. අබේකෝන් සුවිශේෂී ක්‍රීඩිකාවන් විය.

මෙහිදී පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය පිලිබඳ සටහනක් කල යුතුමයි. ඔවුන් ඉතිහාසගත වෙන්නේ කාන්තා පාසල් ක්‍රිකට් හි පුරෝගාමීන් ලෙසයි. 

සෙමින් වුවත් ක්‍රම ක්‍රමයෙන් කාන්තා පාසල් ක්‍රිකට් දියුණු වුවත් ප්‍රථම වරට කාන්තා පාසල් දෙකක් අතර මහා ක්‍රිකට් තරඟයක් වාර්තා වීමට 1999 වසර තෙක් බලා සිටින්නට සිදුවිය. 2001 වසරේ දී ද කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය සහ කෑගලු බාලිකා විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරඟයක් පැවැත්විය. එය සීමිත ඕවර තරඟයක් විය. 

කාසියේ වාසියේ - Credits: @milzybud


Battle of Ladies - Credits: Mrs. Nusra Afzal

2002 වසරේ ජුනි මස දී කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ දී ප්‍රථම වරට එම පාසල්, ලෙදර් පන්දුවෙන් මහා ක්‍රිකට් තරඟයකට මුහුණ දෙන ලදී. ඒ අනුව ඔවුන් පාසල් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබන්නට සමත් වුහ. 

Battle of Ladies - Credits: Mrs. Nusra Afzal
Credits: @milzybud

@milzybud

එලෙස ඉතිහාසය පැවසුවත් වර්තමානයේ දී එවැන්නක් සිදුවූ බවට මෙරට ක්‍රිකට් ලෝලීන් නොදැන සිටීම පුදුමයට කරුණකි. කෙසේ වෙතත් වර්තමානයේ දී කාන්තා පාසල් අතර උද්ගතවී ඇති මේ ක්‍රිකට් උන්මාදය රටට වඩාත් වැදගත් එකක් වන බව නොඅනුමානයි. 

@AKSCOOP6
04.03.2017

References:
The Janashakthi Book of Sri Lanka Cricket
Mrs. Nusra Afzal & @milzybud


No comments:

Post a Comment