Wednesday, May 17, 2017

පාසල් ක්‍රිකට් මිතුරන් දෙදෙනෙක් රටවල් දෙකක නායකයත්වයට පත් වීම.

© - Narendra Ekanayake
එක්තරා ටෙස්ට් ක්‍රීඩා කරන රටක පාසල් ක්‍රිකට් හි නම්දරා සිටින පාසලක එකම කණ්ඩායම පවා නියෝජනය කල ක්‍රීඩකයින් දෙදෙනෙක් පසු කලක රටවල් දෙකක් නියෝජනය කරමින් එම කණ්ඩායම් හි නායකත්වය පවා හොබවමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම එක්තරා අයුරකින් විශේෂ අවස්ථාවක් ලෙස සැලකීම වරදක් නොවේ. මේ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් අයෙකු ඔහු නියෝජනය කල රටේ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස ද අනෙක් පිතිකරු ඔහුගේ කණ්ඩායමේ දක්ෂ වමත් පිට දඟ පන්දුයවන්නෙකු ලෙස ද නම්දරා සිටිති. 

කුමාර් සංගක්කාර සහ නරේන්ද්‍ර ඒකනායක යන මේ ක්‍රීඩකයින් දෙදෙනාම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නිෂ්පාදනයන් ය. එමෙන්ම හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කෞශල්‍යය වීරරත්න සහ හිටපු පාසල් ක්‍රිකට් ක්‍රීඩක සහ නළු සුරාජ් මාපා ද මොවුන්ගේ සමකාලින ක්‍රීඩකයන් ය. 

Seated: Kumar Sangakkara (3rd from right), Narendra Ekanayake (Extreme right) / Stand: Kaushalya Weearathne (3rd from left), Suraj Mapa (Extreme right) - © Chaminda Aluthge
දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන බහමාස් හි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල නරේන්ද්‍ර ඒකනායක පළමුවරට බහමාස් පිල නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ 2004 වසරේ දී ය. ඉන්පසු එම කණ්ඩායමේ නායකයා ලෙසට ද කටයුතු කල ඔහු සාමාජික රටවල් හි ප්‍රධාන පෙලේ තරඟාවලි රැසක අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් ය. ඔහු නියෝජනය කල බහමාස් ක්‍රිකට් කණ්ඩායම ICC හි සාමාජිකත්වය හිමිවන්නේ 1986 වසරේ දී ය. 2001 වසරේ දී ඔවුන් ප්‍රථම වරට අනතර්ජාතික මට්ටමේ තරඟයක නිරත වුයේ ICC හි ඇමෙරිකානු සාමාජික ශුරතා තරඟාවලියේ පළමු අදියරේ දී ය. 2006 වසරේ දී කැරිබියන් දුපත් හි පැවති ස්ටෑන්ෆ්ර්ඩ් 20යි 20 තරඟාවලියට ක්‍රීඩා කිරීමට ඔවුන්ට අවකාශ සලසා දීමට තරඟාවලි සංවිධායකයින් පියවර ගන්නා ලදී. ඒ අනුව එයට සහභාගී වූ බහමාස් පිලේ සාමාජිකයෙකු ලෙස මෙන්ම නායකයා වුයේ ද නරේන්ද්‍ර ඒකනායක යි. 2008 වසරේ ස්ටෑන්ෆර්ඩ් 20යි 20 තරන්ගාවලිය්ද බහමාස් පිලට නැවතත් අවස්ථාව උදාවුවත් තරඟාවලි දෙකෙහිම පළමු වටයේ නොකවුට් තරඟය පරාජය වීම නිසා නරේන්ද්‍රට සහ බහමාස් පිලට හැකිවුණේ තරඟ දෙකකින් පමණක් සෑහීමකට පත්වන්න යි.

© Narendra Ekanayake
2013 වසරේ දී නරේන්ද්‍ර ක්‍රිකට් දිවියට සමුදෙන අතර ඉන්පසු 2015-2016 අතර කාලය තුල ඇමෙරිකානු ක්‍රිකට් හා අනුබද්ධිත විනිසුරුවරයෙක් ලෙස තේරී පත්විය.


17.05.2017
aq photo 635339848091716130317_zps7olcilbi.png


No comments:

Post a Comment