Tuesday, May 30, 2017

කුමාර් ගේ ලෝක වාර්තා සිහිනය බිඳී යයි.


© - Stuart Meaker (Surrey CC)
පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට වැඩිම ශතක ප්‍රමාණයක් රැස්කිරීමේ ලෝක වාර්තාව සංගා ට අහිමි වුයේ ලකුණු 16 කිනි. එසේකෙස් ප්‍රාන්තයට එරෙහිව සංගා පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයකුත් දෙවැනි ඉනිමේ දී වාර්තාගත ශතකයක් හඹා ගිය ද එය අවසන් මොහොතේ දී කෙළවර වුයේ දැවී යාමකිනි. සංගක්කාර මෙම එසෙක්ස් තරඟය ට පසුව වාර්තා රැසක් පිහිටුවීමට සමත් විය. 

මෙතෙක් ඉතිහාසයේ පළමු පෙළ ශතක 5ක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් පිට පිට රැස්කිරීමේ ගෞරවය හිමිවන්නේ පහත පිතිකරුවන් හටය.


ශ්‍රී ලාංකික පිතිකරුවන් අතරින් සංගක්කාර ඉදිරියෙන් සිටින්නේ පහත අයුරිනි.


සංගක්කාර එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව රැස්කරන ලද ද්විත්ව ශතකය ඔහුගේ 13 වන පළමු පෙළ ද්විත්ව ශතකය යි. ඒ අනුව සංගා ආසියාතික පිතිකරුවන් අතරින් පෙරමුණ ගන්නට සමත් විය. ඒ පකිස්තානයේ ජාවෙඩ් මියන්ඩාඩ් සහ යුනිස් ඛාන් අහිභවා යමිනි.


සංගක්කාර විසින් රැස්කළ සියළුම ද්විත්ව ශතකයන් පහත පරිදි ය.


එංගලන්තයේ ද්විත්ව ශතක රැස්කළ පිතිකරුවන් අතුරින් සංගක්කාර 7 වන ශ්‍රී ලාංකිකයා බවට පත් විය. (ශ්‍රී ලංකා සම්භවයක් සහිත ගිහාන් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් මෙයට අදාළ නොවේ.)



ප්‍රථම වරට එංගලන්තයේ දී ද්විත්ව ශතකයක් රැස්කිරීමේ ගෞරවය හිමි ශ්‍රී ලාංකිකයා කර්නල් ෆ්‍රෙඩ්රික් ද සේරම් ය. ඒ 1934 වර්ෂයේ ය. එංගලන්තයේ දී වැඩිම වාරයක් ද්විත්ව ශතක රැස්කර ඇති ශ්‍රී ලාංකිකයා හිටපු ශ්‍රී ලංකා පිතිකරු අරවින්ද ද සිල්වා ය. ඔහු දෙවරක් කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරමින් ද එරට දී පුහුණු තරඟයක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද රැස්කිරීමට සමත් විය. රසල් ආර්නල්ඩ් විසින් රැස්කළ ද්විත්ව ශතකය සුවිශේෂී වන්නේ එය ඔහු එංගලන්තයේ දී ක්‍රීඩා කල ප්‍රථම පළමු පෙළ තරඟය වීම යි. අවසන් වරට එංගලන්තයේ දී ද්විත්ව ශතකයක් රැස්කලේ සනත් ජයසුරිය යි. එය වාර්තා වුයේ 1998 එංගලන්ත සංචාරයේ පැවති එකම ටෙස්ට් තරඟයේ දී ය. ඉන් වසර 19 කට පසුව එනම් පසුගිය එසෙක්ස් සහ සරේ අතර තරඟයේ දී සංගක්කාර ගේ ද්විත්ව ශතකය වාර්තා විය. එම ද්විත්ව ශතකය කණ්ඩායම් අනුව බෙදී යන්නේ පහත අයුරිනි.


ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කරමින් ශතක 11ක් ද කොළඹ NCC පිල නියෝජනය කරමින් එක් ශතකයක් සහ එංගලන්තයේ සරේ ප්‍රාන්තය නියෝජනය කරමින් එක් ශතකයක් යනාදී වශයෙන් සංගා ගේ ශතක ප්‍රමාණය බෙදී යයි. සංගක්කාර මෙන්ම ද්විත්ව ශතක 13ක් රැස්කර ඇති අනෙක් පිතිකරුවන් පහත වේ (සැලකිය යුතුයි: වැඩිම පළමු පෙළ ද්විත්ව ශතක ගණනක් හිමි පිතිකරුවා ඩොනල්ඩ් බ්‍රැඩ්මන් වේ. ඔහුට ද්විත්ව ශතක 37ක් ඇත.)


සංගක්කාර මේ වන විට ශතක 99ක් ඔහුගේ වෘර්තිය ක්‍රිකට් දිවියේ රැස්කර ඇත. වාර්තාගත 100 වන ශතකය ඔහු බොහෝවිට මින් පසු පැවැත්වෙන තරඟ අතරතුර දී නියත වශයෙන්ම රැස්කළ හැකි බවට ඔහුගේ වර්තමාන දක්ෂතා අනුව පැහැදිලි වේ. 


30.05.2017

No comments:

Post a Comment