Thursday, June 8, 2017

තිරයෙන් පිටු පස - 1


© - www.askideas.com
ක්‍රිකට් ක්‍රීඩා කිරීමට විශේෂ ස්ථානයක් අවශ්‍ය නොවේ. එවැන්නක් එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ලලින්ග්ස්ටන් කාස්ට්ල් හි හිමෙන් මිදුණු ජලාශයක 1963 වසරේ දී පැවැත්විය. තරඟයේ අවසාන අදියරේ දී ස්ක්වෙයාර් ලෙග් පන්දුරකින්නා සිටි මිදුණු ස්ථානය බිඳී ඔහු දියේ ගිලි ගිය බව වාර්තා වේ. 
© - Sports World Cards
1955 වසරේ දී වොර්සෙස්ටර්ශයර් ප්‍රාන්තයට එරෙහිව රොබින් මාර්ලර් එක් පන්දුවාරයක දී වෙනස් පන්දු තුනක් භාවිතා කල බවට වාර්තා වී ඇත. R.G. බ්‍රෝඩ්බෙන්ට් විසින් එල්ල කල දැවැන්ත හයේ පහර දෙකක් නිසා පන්දු දෙකක්ම නැති වූවාක් ලෙස සලකන්නට විනිසුරුවරුන්ට සිදුවිය.
© - Sports World Cards
හෝව් හි දී සසෙක්ස් ප්‍රාන්තය කොදෙව්වන්ට එරෙහිව පිතිකරණයේ යෙදෙද් දී කොදෙව් දඟ පන්දු යවන්නා වූ ඇල්ෆ් වැලන්ටයින් ගේ පන්දුවට සසෙක්ස් පිතිකරු ඉයන් තොම්සන් විසින් ස්ක්වෙයාර් ලෙග් දෙසට එල්ල කර අතර ඒ මොහොතේම පිටියට ආක්‍රමණය කල බල්ලෙකු එම පන්දුව ඩැහැ ගෙන හතරේ සීමාව පසුකරමින් දිව ගියේ ය. ඒ අනුව විනිසුරුවරුන්ට එය හතරේ පහරක් ලෙස පිතිකරුට එහි වාසිය ලබාදෙන්නට සිදුවිය.
© - theage.com.au
1956 දී  මැන්චෙස්ටර් හි දී පැවති ටෙස්ට් තරඟයේ දී එංගලන්තයේ ජිම් ලේකර් විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 19ක් දවාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මෙම ලෝක වාර්තාවෙන් පසු සුප්‍රකට මුද්‍රණ සමාගමක් වන ඩි ලා රූ සමාගම ඔහුට එම ටෙස්ට් තරඟයේ දී දවාගත් සෑම කඩුල්ලක් සඳහාම ස්ටර්ලින් පවුම් 10 බැගින් ප්‍රධානය කරන ලදී.
Chandu Sarwate - © - Cricinfo
පිතිකරුවෙකු ටෙස්ට් තරඟයක දී ඉනිම් දෙකේදීම කිසිදු ලකුණක් රැස්නොකර 0 ට දැවී යාම "Pair" ලෙස හඳුන්වයි. අඩුම කාලයක් තුල මේ අයුරින් දැවී යාමේ නිල නොලත් වාර්තාව හිමිවන්නේ ග්ලැමෝර්ගන් ප්‍රාන්තයේ පීටර් ජජ් හට යි. කාර්ඩිෆ් හි දී ඉන්දියාවට එරෙහිව පැවති තරඟයක පළමු ඉනිමේ අවසන් පිතිකරු ලෙස ජජ් කිසිදු ලකුණක් නොලබා දැවී යන්නට සිදුවිය. ග්ලැමෝර්ගන් ප්‍රාන්තය නියමිත ලකුණු ප්‍රමාණය ලබා නොමැති වූ හෙයින් ඔවුන්ට නැවතත් පන්දුවට පහර දෙන ලෙස ඉන්දියාව ආරාධනා කරන ලදී. ඒ අනුව කාලය අපතේ යාම වැලැක්වීම සඳහා පීටර් ජජ් සහ J.C. ක්ලේ දෙදෙනා ට නැවතත් පන්දුවට පහර දෙන්නට සිදුවිය. දෙවන ඉනිම ආරම්භ වී ස්වල්ප වේලාවකට පසු ජජ් නැවතත් 0 ට දැවී ගියේ ය. අවස්ථා දෙකේදී ම ඔහුව දවාගත්තේ චන්දු සර්වාටේ ය.
Barry Jarman - © Cricinfo
ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයෙකු වූ බැරි ජාර්මන් ඕස්ට්‍රේලියානු පිලේ එංගලන්ත සංචාරය අතරතුර ග්ලැමෝර්ගන් ප්‍රාන්තයට එරෙහිව 1964 වසරේ අගෝස්තු මස 4 වන දින අපුරු දැවියාමකට හසු විය. ප්‍රධාන විනිසුරු ඔහු උඩපන්දුවක ට දැවී ගිය බව පැවසු අතර අනෙක් විනිසුරු ඔහු ස්ටම්ප් කිරීමකට ලක් වූ ලෙස තීරණ ලබා දෙන ලදී. 
© Cricinfo
2005/6 ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංචාරය සතුටුදායක අයුරින් අවසන් වුයේ නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරඟාවලියේ ජයග්‍රහණය කිරීමට හැකිවුයේ එක තරඟයක් පමණයි. එම තරඟාවලියේ අනෙක් තරඟ 6 ම පරාජයකින් කෙළවර විය. 7 වන එක්දින තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ අවසන් පන්දුවාරය යැවීම සඳහා ඉන්දියානු නායක රාහුල් ඩ්‍රාවිඩ්, මුරලි කාර්තික් කැඳවුයේ ය. චමින්ද වාස් පිතිකරණයේ යෙදෙද්දී ඔහු විසින් යැවූ 5 වන පන්දුව ට ශ්‍රී ලංකා පිලට ලකුණු 5ක් හිමි විය. කාර්තික් පන්දු යවන විටම වාස් විශාල පහරකට යන බව ඔහුට හැඟීම නිසා පන්දුව කඩුල්ලෙන් මඳක් ඈතින් යන ලෙස පන්දුව යැවුවත්, එය වැරදි යාම හේතුවෙන් ෂෝර්ට් ෆයින් ලෙග් පන්දු රකින්නා සහ කඩුලු රකින්නා අතරින් හතරේ සීමාව පසු කලේ ය. 

aq photo 635339848091716130317_zps7olcilbi.png
08.06.2017

No comments:

Post a Comment