Monday, August 7, 2017

ඩග් ඉන්සොල් මිය යයි.

ඩග් ඉන්සෝල් (1926 - 2017) 

© - The Times
එසෙක්ස් ප්‍රාන්තයට මෙන්ම එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස දායකත්වය සැපයු ඩග්ලස් ඉන්සොල් හෙවත් ඩග් ඉන්සොල් 05.08.2017 වන දා මිය ගිය බවට වාර්තා පල විය. පළමුපෙළ තරඟ තුල ලකුණු 25,000 කට අධික ප්‍රමාණයක් රැස්කරගත් ඩග් ක්‍රීඩා කලේ ටෙස්ට් තරඟ 9ක් පමණයි. ටෙස්ට් තරඟ තුලින් සමුගත් ඔහු පසුකලක මතභේදාකාරි ක්‍රිකට් පරිපාලකවරයෙක් ලෙස කතාබහට ලක්විය. 

© - The Guardian
එංගලන්තයේ බැසිල් ඩි ඔලිවේරා 1968/69 වසරේ පැවති දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් කිරීමත් සමඟම එය ක්‍රිකට් විශ්ලේෂකයින්ගේ දෝෂදර්ශනයට හසුවිය. එකල දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය උග්‍ර අවස්ථාවක් වූ බැවින් ඩග් ඇතුළු තේරීම් කමිටුව එය සාධාරණයට ලක් කලේ බැසිල් ට වඩා දක්ෂ පිතිකරුවන් ඔවුන් තෝරාගත් පිලේ සිටින බවයි. නමුත් හාස්‍යය දනවන සිදුවීම වුයේ එම තරඟාවලියට පෙර පැවති ඕස්ට්‍රේලියානු තරඟ වාරයේ දී අවසන් ටෙස්ට් තරඟයේ බැසිල් ලකුණු 158ක් රැස්කිරීමයි. කෙසේ වෙතත් එම තීරණය වැරදි එකක් බව තේරුම් ගත ඩග් ඇතුළු තේරීම් කමිටුව ඔහුව නැවතත් දකුණු අප්‍රිකාවේ පැවති සංචාරය සඳහා සංචිතයට ඇතුලත් කරන ලදී. ඉන් පසු සිදුවුයේ දකුණු අප්‍රිකාව එංගලන්තය සමඟ ක්‍රීඩා කිරීමෙන් වැලකීම සහ 1990 දශකයේ මුල් භාගය තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වීමයි.

© - Getty Images
එමෙන්ම 1967 වසරේ දී ඉන්දියාවට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කරන ලද ජෙෆ්රි බොයිකොට් (246) ඉන්පසු පැවති තරඟ සඳහා ක්‍රීඩා කිරීමෙන් වැලක්වීමට ඔහු තීරණය කල හේතුව වුයේ එම ඉනිම කණ්ඩායම වෙනුවෙන් නොව ඔහුගේ පුද්ගලික වාර්තා සඳහා බව වීම නිසයි. 1978 වසරේ දී ටෙස්ට් සහ ප්‍රාන්ත ක්‍රිකට් ආයතනය (TCCB) සභාපතිවරයා ලෙස කෙරී පැකර් විසින් සංවිධානය කල වර්ල්ඩ් සිරිස් තරඟාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩකයින්ට එංගලන්තයේ කිසිදු පළමු පෙළ තරඟයක් සඳහා දායකත්වය සැපයීමෙන් වැලක්වීමට තරඟ තහනමක් ලබා දෙන ලද අතර පසුව එය ඉවත් කෙරිණ.

ට්විටර් පණිවුඩ :











@AAQEEEB
07.08.2017


No comments:

Post a Comment